Sunday, May 3, 2026
HomeNEWSLatest Newsනොපසුබට ධෛර්යෙන් ජීවිතය ජයගත් ශූරයා - ජෝ බයිඩන්

නොපසුබට ධෛර්යෙන් ජීවිතය ජයගත් ශූරයා – ජෝ බයිඩන්

නොපසුබට ධෛර්යෙන් ජීවිතය ජයගත් ශූරයා – ජෝ බයිඩන්

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් බොහෝ දුරට අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ඉඩ තිබේ.

මේ ඔහු පිළිබඳ තොරතුරු බිඳකි.

1942 වසරේදී උපත ලබා ඇති බයිඩන් ගේ උපන් ප්‍රදේශය වන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ක්‍රන්ටෝන් නම් නගරයි.
 
ඔහුගේ මව ජේන් නම් වූ අතර පියා ජෝෂප් වේ. ඔහු පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙක් වූ අතර ඔහුගේ ආදායම නිතර වෙනස් වූ බව සඳහන් වේ.

එම පවුලේ දරුවන් අතුරින් වැඩිමලා වුයේ ජෝ බයිඩන් ය. ඔවුන් පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලකි.

මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩන් සිය කුඩා කාලය ගතකර ඇත්තේ ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ය.
 
“මගේ තාත්තා සැමවිටම කිව්වේ, “ශූරයා, බිමට වැටෙන්න පහරක් වැදුනොත්, ඔබ නැවත තරඟයට පිවිසිය යුතුයි කියලා,” බයිඩන් පැවසීය.    

ඔහු පාසලේදී වඩාත් දස්කම් පෑවේ අධ්‍යාපනයට නොව ක්‍රීඩාවට ය. ඔහු අමෙරිකානු පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවලින් දස්කම් දැක්වීය.

ඔහු 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළේය.

නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයට ගොස් තිබේ. ඒ, නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීමට ය.  

ඔහු 1966 සිය පළමු බිරිඳ වූ නීලියා හන්ටර් සමග විවාහ විය.

ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙක් – බියෝ සහ රොබර්ට් – සහ නයෝමි නමින් දියණියක් ලැබුණි.

බයිඩන් ප්‍රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔහුට සිය බිරිඳ සහ එවකට අවුරුදු එකක් වූ දියණිය ද මෝටර් රථ අනතුරකින් අහිමි විණි.

එම අනතුරෙන් පුතුන් දෙදෙනා තුවාල ලැබුවද ඔවුන් බේරී තිබුණි.
 
2015 වසරේදී, බියෝ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මිය ගියේය.

බාල පුතු හන්ටර් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img