රාගම පොලිස් ස්ථානාධිපතිවරයා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පවසයි.
එය තහවුරු වී ඇත්තේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (05) රාගම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණීමෙන් පසු ලබාගන්නා ලද PCR පරීක්ෂණයේදී ය.
ඔහුගේ ආශ්‍රිතයන් වූ පොලිස් නිලධාරීන් දස දෙනෙකු, පොලිස් ස්ථානය තුළම නිරෝධායනයට යොමුකර තිබේ.
කෙසේවෙතත් පොලිස් ස්ථානයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි.
සෞඛ්‍ය සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක්
ආනාවරණ වී නොමැති බවය.
කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පැවසුවේ තවත් පොලිස් නිළධාරින් 85 දෙනෙකු ඊයේ දිනය තුළ ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවය.
ඒ අනුව, මේ වනවිට දිනයින පුරා පොලිස් ස්ථානවල නිළධාරින් 358 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඉන් 199 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මේ අතර වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 57 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තහවුරු කළේය.
මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 106 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සදහන් කළේය.






















