Saturday, May 2, 2026
HomeNEWSLatest Newsඅතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" අනුව යමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද...

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්ක කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්ක කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ සදහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්න්තු මන්ත්‍රින් සහභාගි විය.

එහිදී එම මැති ඇමතිවරුන් කිලිනොච්චියේ හා යාපනයේ විදුලිය නොමැති නිවාස 7000කට ආසන්න ප්‍රමානයක් පවතින බවත් එය විශාල ගැටළුවක් බවත් සදහන් කරමින් ඉල්ලා සිටියේ කඩිනමින් විදුලිය ලබා දෙන ලෙසය.

එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කර එම දිස්ත්‍රික්ක දෙකහි විදුලිය නොමැති නිවාස 7000කට ආසන්න ප්‍රමාණය සදහා කඩිනමින් විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව පවසන ලදී. අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජාතීන් අතර විරසක බාවයක් ඇති විමට මෙම ඇති නැති පරතරය බලපාන බවත් ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දීමට සියළු පාර්ශවයන් දැනුවත් කරන බවත්ය.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ අද දින (2020-11-06) ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්කය සදහා වූ කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවට සහභාගි වෙමිනි. මේ සදහා ඩග්ලස් දේවානන්ද, නිමල් ලංසා ඇතුළු ඇමතිවරුන්, යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාරතුමිය පි.එස්.එම්.චාල්ස්, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන නිලධාරීන් ඇතුළු විශාල නිලධාරීන් පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img