පුද්ගල දුරස්ථභාවය ගැන අලුත් අනාවරණයක්
පුද්ගලයෙකු කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිතිවලට අඩි හයකට වඩා දුරක් ගමන් කළහැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
කිවිසුම්යවන පුද්ගලයාට වඩා උසින් අඩු අයට, විශේෂයෙන්ම ළමයින්ට එම බිඳිතිවලින් වැඩි අවදානමක් පවතින බවත් එහිදී හෙළිවී ඇත.
එබැවින් යොවුන් වියේ පසුවන අය හා උසින් අඩු පුද්ගලයන් සමග උසින් වැඩි අය මීටර් දෙකක පරතරයක් පවත්වාගත යුතු බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.






















