Sunday, October 25, 2026
HomeNEWSLatest Newsරැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

රැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

රැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ මෙරට තුළ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව අවසර ලබා දී තිබේ.

සිදුකරන ලද රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව ඊයේ (10) දිනයේ දී අදාළ අවසරය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසු අදාළ පරික්ෂණ කට්ටල මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය සමන් රත්නායක මහතා,
“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය සහතික කරන ලද තාක්ෂණික ඇගයීම් සඳහා අපි ක්ෂණීක ප්‍රතිදේහ කට්ටල එහෙම නැතිනම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් අපේ අනුක වෛද්‍ය රසායනාගාර 4ක් සඳහා අපි යැව්වා. ඒ පරීක්ෂණයෙන් ප්‍රතිඵල අපේ තාක්ෂණික ඇගයීම් කමිටුවට ලබාදුන්නා. ඊට පස්සේ අපි තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදුන්නා. එම නිරේදේශය මත ඒවා කුමන ආකාරයෙන් ද ශ්‍රී ලංකාවේ රෝහල්වල ඒ වගේම පෞද්ගලික රෝහල්වල ක්‍රියාත්මක කරන්න ඕනේ කියන මඟපෙන්වීමක් සකස් කරලා මේ වෙනකොට අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපි ලබා දීලා තියෙනවා. එතුමාගේ අත්සනින් ඒක නිකුත් වුණාම ලංකාවේ රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක භාවිත කරන්න පුළුවන් වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img