Friday, April 17, 2026
HomeNEWSLatest Newsසංචරණ සීමා උල්ලංඝනය කළොත් නඩු - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සංචරණ සීමා උල්ලංඝනය කළොත් නඩු – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සංචරණ සීමා උල්ලංඝනය කළොත් නඩු – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් අද (13) දිනයේ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ ද 15 දෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය සහ ගුවන් හමුදාව එක්ව මෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

හුදකලා කරඇති ප්‍රදේශයක සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඔවුන්ට ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අද දිනයේදී හුදෙකලා කරඇති ප්‍රදේශවල සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

එසේම මේ වනවිට බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට යෑම තහනම් කර ඇති අතර එම තහනම ඉරිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක ය.

මේ අතර අද දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක් ද ආරම්භ කෙරිණි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“බස්නාහිර පළාතෙන් පිටවන සෑම ස්ථානයකම දැඩි පරීක්ෂාවකට ලක්කරන අතරම, අධිවේගී මාර්ගයේ ත් විශේෂිත කපොලු පිහිටා තිබෙනවා බස්නාහිර පළාතෙන් පිටතට යෑම පරීක්ෂා කිරීම සඳහා. අත්‍යාවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්ට තම රාජකාරී ඉටුකිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් බස්නාහිර පළාතෙන් පිටත එවැනි අවස්ථාවක දී යෑමට අවස්ථාව ලැබෙනවා. ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුට බස්නාහිරින් පිටතට යෑමට අවසර ලැබෙන්නේ නෑ. බස්නාහිර පළාතට පැමිණීමට හැකියාව තිබෙනවා. යම් අයෙක් බස්නාහිර පළාතට පැමිණෙන්නේ නම් ඔවුන්ට පිටව යා හැක්කේ ඉරිදායින් පසුවයි.බස්නාහිර පළාතෙන් නිරෝධායන රෙගුලාසිවලට එරෙහිව පිටව ගොස් තිබේ නම් ඔවුන් ගැන සෙවීම සඳහා විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර තිබෙනවා අනෙකුත් පළාත්වල. පොලිස් බුද්ධි අංශ යොදවා මේ ගැන විමර්ශන සිදුකරනු ලබනවා.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img