Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsබස්නාහිර පළාත තුළ ආසාදිතයින් 10,000 ඉක්මවයි

බස්නාහිර පළාත තුළ ආසාදිතයින් 10,000 ඉක්මවයි

බස්නාහිර පළාත තුළ ආසාදිතයින් 10,000 ඉක්මවයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන බස්නාහිර පළාත තුළ අද වන විට 10,045ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (12) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 373 දෙනා අතරින් 271ක් දෙනෙක් කොළඹින් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එයින් ආසාදිතයින් 230ක් කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද (13) උදෑසන කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 4 වන දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,640ක් වාර්තා වී ඇති බවය.

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් 46 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා හමු වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 4834ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් ගණන 571කි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img