Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsදැන් ජනතාව තේරුම් අරන් තියෙනවා රනිල් නැතුව බෑ කියලා -රංගේ බණ්ඩාර

දැන් ජනතාව තේරුම් අරන් තියෙනවා රනිල් නැතුව බෑ කියලා -රංගේ බණ්ඩාර

දැන් ජනතාව තේරුම් අරන් තියෙනවා රනිල් නැතුව බෑ කියලා -රංගේ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද (23)  දිනයේ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී රුවන් විජේවර්ධන මහතා මෙම අදහස් පළ කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“පසුගිය සතියේ අපි රැස්වුණා සිරිකොත දී. එහිදී නායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන විටත් අපේ හිටපු මන්ත්‍රීවරු ගණනාවක් යෝජනා කෙරුවේ, රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධූරයට යන්න අවශයයි කියන එක. ඒ අවස්ථාවේ දී එතුමා කිව්වා යන්නේ නෑ කියලා. නමුත් කොහොමට ත් අපි සඳුදත් ඒ ගැන සාකච්ඡා කරලා  ප්‍රශ්නයක් ඇති නොවන විදියට සුදුසු පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට යවනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. “

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් පළ කරමින් මෙසේ සඳහන් කළේය.

“අපි 19 දෙනෙක් එක්වුණ මේ සාකච්ඡාවේ දී අපේ මහලේකම් තුමා ඇතුළු සියලු දෙනා හිටියා, මේ 19 දෙනාගෙන් කිසිදු තැනැත්තෙකු එයට එරෙහිව කතා කළේ නෑ. මේකට සපෝට් කරලා තමයි හැමදෙනාටම කතා කළේ. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට යා යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. කලකදි රහලු කලකදි වහ වෙනවාලු කියනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා වහක් වෙලා හිටියා සමහර අයට. රනිල් නැතුව රට ගියේ අවුරුද්දයි දැන් පාන්කුඩු ටිකක්වත් ගන්න නෑ. මෙන්න රටට වෙලා තියෙන හරිය. එදා මංගලලා ගෙනාවේ රනිල්ට බෑ කියලා දැන් ජනතාව තේරුම් අරන් තියෙනවා රනිල් නැතුව බෑ කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img