Tuesday, August 11, 2026
HomeNEWSකොළඹ දෛනික ආසාදිතයින් සීඝ්‍රයෙන් වැඩිවෙයි

කොළඹ දෛනික ආසාදිතයින් සීඝ්‍රයෙන් වැඩිවෙයි

ඊයේ (08) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 526ක් ලෙසය. 

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 25,818ක් දක්වා ඉහළ ගොස් ඇත.

එයින් පුද්ගලයින් 17, 850ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 29,377ක් වන අතර ඉන් පුද්ගලයින් 21,257ක් පූර්ණ සුවය ලබා ඇත.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 7,978ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ පුද්ගලයින් 6,594ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,182ක් සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට(12)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)...

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

"ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි."සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්. ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike)...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 22ක පරාජය කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img