ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවයි
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 70,720,317කි. මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ 1,588,437ක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 49,148,338ක් පූර්ණ සුවය ලබා ඇත.
ඊයේ (10) දිනයේදීත් අමෙරිකාවෙන් ආසාදිතයින් 200,718 ක් වාර්තාවිය.
එරට දෛනික මරණ ගණන 2,872ක් ලෙසින් දැක්වු අතර සමස්ත මරණ ගණන 299,692කි.
මේ අතර ලක්ෂය ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් රෝහල්ගතකිරීමත් සමග අමෙරිකාවේ රෝහල්වලින් 200ක් උපරිම ධාරිතාවට පැමිණ තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ එරට රෝහල්වලින් තුනෙන් එකක දැඩි සත්කාර ඒකක සියයට 90ක් දක්වා කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවය.
අමෙරිකාවෙන් පසු ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ ඉතාලියෙන් වාර්තාවූ අතර එය 887 කි.
මෙක්සිකෝවෙන් මරණ 781ක්, බ්‍රසීලයෙන් 769ක්, රුසියාවෙන් 562ක්, ජර්මනියෙන් 529ක්, බ්‍රිතාන්‍යයෙන් 516ක් හා ඉන්දියාවෙන් මරණ 487ක් ඊයේ වාර්තා විය.






















