Saturday, August 22, 2026
HomeNEWSජනපති නොබැඳි ජාතීන්ගේ විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමින් ......

ජනපති නොබැඳි ජාතීන්ගේ විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමින් ……

ජනපති නොබැඳි ජාතීන්ගේ විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමින් ……

ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ඊට ප්‍රතිඥා දුන්නා සේම රජය වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් ද ස්ථාපනය කළේ මේ අරමුණ ඇතිව බව එතුමා කියයි. 

විද්‍යාව හා තාක්ෂණය සදහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභා රැස්වීම ඊයේ (24) පෙරවරුවේ  Zoomතාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ජාතික විද්‍යා හා පර්යේෂණ කොමිෂන් සභාව සංවිධාන කළ සමුළුව කොළඹ මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව මෙවර සමුළුවේ සභාපතිත්වය සහ සත්කාරකත්වය දරන අතර රටවල් 22ක නියෝජිතයෝ Zoom තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූහ. 

තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමටනම් ස්වදේශීය තාක්ෂණය නවීන තාක්ෂණ සමග ඒකාබද්ධ විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. 

පරිසර හිතකාමී දේශීය සහ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව ආඩම්බරවිය හැකි ඉතිහාසයක් අපට තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය විද්‍යාවට හා තාක්ෂණයට, පර්යේෂකයන්ට, විද්‍යඥයන්ට සහ නව නිපැයුම්කරුවන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමේ  විභවතා විදහා දැක්වීමට  අවස්ථාව උදා කළ බව ජනාධිපතිතුමා කීය.

දශක 03ක ඉදිරි සැලසුම් පිළිබඳව මෙවර සමුළුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සාමාජික රටවල් අතර විද්‍යා හා තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීමටත්, මීළග කාර්යාංශ රැස්වීම 2021 සැප්තැම්බර් මස මුරුසියේදී පැවැත්වීමටත් එකඟත්වය පළ විය.

සාමාජික රටවල් අතර හුවමාරු කරගත් දැනුම පාදක කරගනිමින් රචිත පොත් 05ක් එළිදැක්වීම ද සිදු කෙරිණ.

විදෙස් තානාපතිවරු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ මෙරට රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සමුළුට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img