Thursday, August 20, 2026
HomeNEWSවතු සේවක දෛනික වැටුප රුපියල් 1,000ක් කෙරෙන ගැසට් නිවේදනය සතියක් තුළ

වතු සේවක දෛනික වැටුප රුපියල් 1,000ක් කෙරෙන ගැසට් නිවේදනය සතියක් තුළ

වතු සේවක දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ගැසට් නිවේදනය සතියක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ  පඩි පාලක සභාව අද (01) රැස්වී අදාළ තීරණය ස්ථීර කිරීමෙන් අනතුරුව “අද දෙරණට” අදහස් දක්වමිනි.

වතු සේවක දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම නිසා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පඩි පාලක සභාව වෙත යොමු කළේය.

ඒ අනුව වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100 ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1,000 ක් ගෙවීමේ තීරණයට පඩි පාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි 15 වනදා දක්වා කල් දී තිබූ අතර ඉන් පසු පඩි පාලක සභාව අද යළි රැස්වුණි.

ඒ අනුව සේවකයින්ට රුපියල් 1,000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉතුක් සභාවේ එළඹි තීරණය අද සභා රැස්වීමේදී ස්ථිර වූ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img