Wednesday, August 19, 2026
HomeNEWSගුවන් හමුදාවේ 70 වන සංවත්සරය - නිලධාරීන් 467 ක් ඇතුළු 7,757කට උසස්වීම්

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය – නිලධාරීන් 467 ක් ඇතුළු 7,757කට උසස්වීම්

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය – නිලධාරීන් 467 ක් ඇතුළු 7,757කට උසස්වීම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

1951 මාර්තු මස 2 වන දින “රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව“ ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව අද වන විට 34,000 පමණ පිරිසකගෙන් ද ගුවන් යානා 100කට වැඩි විශේෂ බලගණවලින් සමන්විත වේ.

මාර්තු මස 5 වන දින අංක 5 ප්‍රහාරක ජෙට් බලගණය අංක 6 බලගණ හට දේශය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර සඳහා ජනාධිපති සම්මාන ප්‍රධාන කිරීමේ සම්මාන පෙළපාලියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සුදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් 467කට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

​ ​ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අද (18) දින වැලිසර Wave and Lake උත්සව ශාලා...

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img