Wednesday, August 5, 2026
HomeNEWSආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යතුමා බැහැදැකීමට කාල්ටන්නිවසට අවුරුදු නෑගම්එති.

ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යතුමා බැහැදැකීමට කාල්ටන්නිවසට අවුරුදු නෑගම්එති.

කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට අවුරුදු නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (13) උදෑසන ඉතා සුහඳව පිළිගන්නා ලදි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සැමට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට  සුබ පැතුම් එක්කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු මෙලෙස කාල්ටන් නිවසට පැමිණ සිටියහ.

සිංහල සිරිතට මුල්තැන දෙමින් අලුත් අවුරුදු උදාව පවුලේ ඥාති හිත මිත්‍රාදීන් හා ගම් වැසියන් සමඟ සිය නිවසේ සිට සැමරීම අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සිරිතකි.

නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ සුහඳ කතා බහක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ  පවුලේ සමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! යැයි ප්‍රාර්ථනා කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත,ලොහාන් රත්වත්තේ,ජානක වක්කුඹුර මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img