Wednesday, October 28, 2026
HomeNEWSවිපක්ෂය ශක්තිමත් කරන කිසිදු තීන්දුවක් නොගන්නා බව අමරවීර කියයි

විපක්ෂය ශක්තිමත් කරන කිසිදු තීන්දුවක් නොගන්නා බව අමරවීර කියයි

ගැටලු පවතින පසුබිමක වුවද ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බිම් මට්ටමේ  නිදහස් පක්ෂ සාමාජිකයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයින් සමඟ සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට නියමිත බවය.

“ඇත්තටම ගැටලුවක් තියෙනවා ඇත්තටම. නෑ කියන්න බෑනේ. ප්‍රධාන වශයෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට ක්‍රියාකාරිකයින්ට ආණ්ඩුවේ පාර්ශවකරුවන් විදියට සලකන්නේ නැති එක පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා. විවිධ කට්ටිය විවිධ දේ කිව්වත් පක්ෂයේ ප්‍රධානීන් එහෙම දෙයක් කිව්වේ නෑනේ. අපි බලපොරොත්තු වෙන්නේ සියලු දේවල් සාකච්ඡා කරන්න ජනාධිපති හා අගමැතිතුමා ඇතුළු ප්‍රධානීන් එකක්.“ 

ගැටලු හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන්ට සෘජු තීරණයක් ගැනීමට නොහැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි අලවතුවල මහතා පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img