Wednesday, November 11, 2026
HomeNEWSදරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන පුළුල් කෙරේ

දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන පුළුල් කෙරේ

නිදන්ගත රෝගවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන ලබන මස 01 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද‍්‍යවරුන්ගේ සංගමය පවසයි.

විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ, මේ හේතුවෙන් ඉදිරියේදී තම පළාත තුළ නම්  කරන ලද රෝහල්වලින් එම එන්නත අදාළ දරුවන් සඳහා ලබාගැනිමේ හැකියාව පවතින බවය.

දීර්ඝකාලීන රෝගාබාධ සහිත අවුරුදු 12ත් 19ත් අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම පසුගිය 24 වනදා රෝහල් කිහිපයකදී ආරම්භ කෙරුණි.

ඒ යටතේ මේ වන විට එන්නත් මාත්‍රා 500ක් පමණ ලබාදී ඇති බව විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේය.

” එන්නත්කරණය දැනට සිදුවෙන්නේ දිස්ත්‍රික්ක 5ක් තුළ පමණයි. ඔක්තෝම්බර් පළවෙනිදා අනෙකුත් දිස්ත්‍රික්කවලට එන්නත්කරණය ආරම්භ වෙනවා. මේ වන විට එන්නත් මාත්‍රා 500කට වැඩි පිරිසකට ලබාදීලා තියෙනවා. සංකූලතා ඇති වුණා කියලා අපිට වාර්තා වෙන්නේ නෑ. සුළු දේවල් තිබුණා. විශේෂයෙන් එන්නත ලබාදුන් ස්ථානය ඉදිමීම වැනි හා මද වශයෙන් උණ ඇතිවීම වැනි. මේ ළමුන්ට අපි සති 4කින් දෙවන මාත්‍රාව ලබාදෙනවා.තුන්වන මාත්‍රාවක් ලබාදීමට තීරණය කරලා නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img