Wednesday, November 11, 2026
HomeNEWSමාධ්‍යවේදියාට ජාවාරම්කරුවන් තර්ජනය කරයි

මාධ්‍යවේදියාට ජාවාරම්කරුවන් තර්ජනය කරයි

කුඹක්කන් ඔය දෙපස සිදුවන පතල් කැනීම් සහ වැලි ජාවාරම අනාවරණ කළ ‘අද දෙරණ’ ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉඳුනිල් සිසිර මහතාට ජාවාරම්කරුවන්ගෙන් තර්ජන එල්ල වී තිබේ.

එලෙස තර්ජන එල්ලවී ඇත්තේ, මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන චලන්ක මදුවන්ත මහතා ඇතුළු තවත් පිරිසකගෙන් බව වාර්තා වෙයි.

ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයන් පිළිබඳ අවස්ථා කිහිපයකදීම  අනාවරණ කළ අප මාධ්‍යවේදියා මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාවාරම්කරුවන්ගේ තර්ජනයට ලක්වුණි. 

ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක සිටම කෘෂිකාර්මික කටයුතු මෙන්ම පානීය ජලය සපයා ගන්නේ කුඹුක්කන් ඔයෙන් ය.  

නමුත් ඇතැම් දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් මෙම කුඹුක්කන් ඔය විනාශ කිරීම කලක සිට පවත්වාගෙන එන ජාවාරමකි. 

ඔය දෙපස සිදුවන පතල් කැනීම් හා වැලි ජාවාරම් පරිසර විනාශයට තුඩු දී ඇත්තේ, ජනතාවගේ ජන ජීවිතයට ද බාධා එල්ල කරමිනි. 

මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් අප ඊයේත් (15) ‘අද දෙරණ’ දහවල් ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය සිදුකළේය.

මීට පෙර සිදුවූ ආකාරයටම ප්‍රවෘත්තිය විකාශය වී පැය කිහිපයක් ගතවීමටත් පෙර අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉඳුනිල් සිසිර මහතා ජාවාරම්කරුන්ගේ තර්ජනයට ලක්වී තිබුණි. 

මොනරාගල නගරය ආසන්නයේ ඇති හෝටලයකට යන අප මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කිරීමට බව පවසමින් ඔහුව කිසියම් පිරිසක් ඇදගෙන යෑමට උත්සාහ ගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණි.

ඒ අනුව කුඹුක්කන් ඔයේ වැලි ජාවාරම සහ පතල් කැනීම් පිළිබඳ අනාවරණ නොකරන ලෙසට බලපෑම් කළ බව මාධ්‍යවේදී ඉඳුනිල් සිසිර මහතා මොනරාගල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

මොනරාගල පොලීසිය පවසන්නේ, මාධ්‍යවේදියාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවය. 

අප මාධ්‍යවේදියාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ කෙරෙහි “අද දෙරණ” දැඩි අවධානයෙන් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img