Wednesday, November 11, 2026
HomeNEWSමාරක රිය අනතුරු - ජීවිත 4ක් බිලි ගනී

මාරක රිය අනතුරු – ජීවිත 4ක් බිලි ගනී

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බම්බලපිටිය පොලිස් වසමේ කිරුළපන – තුම්මුල්ල මාර්ගයේ දී තුම්මුල්ල දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබේ.

එහිදී විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා ම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

බරපතළ තුවාල ලබා සිටි 46 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, ඇල්පිටිය – අම්බලන්ගොඩ මාර්ගයේ දී වගාසිරි මාවත හංදිය අසල දී ලොරි රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරුව තවත් යතුරු පැදියක වැදී අනතුරට පත්ව තිබේ.

යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව 47 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි එක් අයෙක් මියගොස් ඇත.

අනතුර සිදුකළ ලොරි රථය පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර,කුරුණෑගල – මීගමුව මාර්ගයේ පිදුරුවැල්ල ප්‍රදේශයේ දී නාරම්මල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු කාර් රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු මෝටර් රථයේ රියදුරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි වෑත්තෑව, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ත්‍රිකුණාමලය දෙස සිට කන්තලේ දෙසට ධාවනය වු රථයක මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුකළ රථය පළාගොස් ඇති අතර, තුවාල ලැබු 22 හැවිරිදි පදිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සෙබළෙක් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img