2022 අයවැය සෞභාග්‍යයේ දැක්ම සම්පුර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන සකස් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අයවැය යෝජනා කිහිපයක් මෙසේය.
*මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීමට නම් වසර 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබිය යුතුය.
*එම යෝජනාව ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන ජනාධිපති ධූරය ඇතුළු සෑම ධූරයක් සඳහා වලංගු වේ.
*නව රාජ්‍ය කාර්යාල ඉදිකිරීම් වසර දෙකකට කල්දමයි.
*රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හැරේ. අවශ්‍යතාවය අනුව සූර්ය ශක්තිය යොදාගැනීමට යෝජනාවක්.
*රජයේ පුනරාවර්ථන වියදම් අඩුකර ගැනීම සඳහා අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරින්ට දෙනු ලබන ඉන්ධන දීමනා මසකට ලීටර් 5කින් අඩු කෙරේ.
*රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හැරේ.
*සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික පත්‍රිකාවක් සකස් කළ යුතු වේ.
*රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කෙරේ.
*සක්‍රීය සේවයේ යෙදිය හැකි පිරිසට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කෙරේ.
*සමෘද්ධිලාභීන් තෝරාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට.
*රේගුව සමග කටයුතු කරන සියලු ආයතන ඒකාබද්ධ කර ක්‍රමවේදයක් සකස් කිරීම.
*ත්‍රීරෝද රථ ගාස්තු හා සේවා ප්රමිතිකරණය කිරීමට නියාමන අධිකාරික්.
*ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් රටම විදුලි සංදේශ ආවරණ ජාලයක් සකස් කර සියලු පාසල් සඳහා අධිවේග අන්තර්ජාල පහසුකම් ලබාදීමට මුල්‍ය හා තාක්ෂණික සහය ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමට පහසුකම් සැපයේ.
*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 600ක් වෙන් කෙරේ.
*කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්රයේ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රසාරණය කරමින්, කාන්තාවන්ට හා තරුණයින්ට විශේෂිත පදනමක් මත වගා නොකළ ඉඩම් ලබාදී නව කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික කෘෂි උද්‍යාන ඇති කිරීමට යෝජනා කර තිබේ.
*හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් සම්පාදනය කිරීමට යෝජනාවක්.
*කොළඹ වරාය අන්තරාය වරායක් ලෙසත්, ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙසත් ගාලු වරාය සංචාරක වරායක් ලෙසත් හම්බන්තොට වරාය සේවා වරායක් ලෙසත් සංවර්ධනය කිරීම.
*කොළඹ ගුවන්තොටුපොළට නව ධාවන පථයක් ඉදිකිරීමත්, නවීන ඉන්ධන සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම සංචාරකයින්ට ද වඩාත් ආකර්ෂණීය ගුවන්තොටුපොළ ලෙස මත්තල දියුණු කර ගුවන්තොටුපොළ ආශ්‍රිතව රෝහල් සහ හෝටල් ඉදිකිරීමට ද අපේක්ෂා කෙරේ.
*ගුවන් විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක් අනුගමනය කිරීමට තීරණය කෙරේ.






















