බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
එරටින් වාර්තා වූ දත්තවලට අනුව ඊයේ (22) එරටින් දෛනික ආසාදිතයින් 100,000කට අධික ගණනක් වාර්තා විණි.
එරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් 100,000 ඉක්මවා ගොස් ඇත්තේ පළමුවරට බව සඳහන් වෙයි.
ඒ අනුව ඊයේ එරටින් ආසාදිතයින් 106,122 වාර්තා විය.
මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ නත්තලට පෙර එංගලන්තය තුළ සංචරණ සීමා පැනවීමේ බලාපොරොත්තුවක් නොමැති බවය.






















