Tuesday, November 10, 2026
HomeNEWSපොලිස් නිලධාරියෙක් මහ මඟ පුද්ගලයෙකුට පහරදුන් සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි

පොලිස් නිලධාරියෙක් මහ මඟ පුද්ගලයෙකුට පහරදුන් සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් සංසරණය වෙමින් පවතින පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

එම සිද්ධිය ඊයේ (23) සවස් කාලයේදී කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී සිදුවී තිබේ.

අපරාධකරුවෙකු පාලනය කරගැනීමේදී වුවද පොලිස් නිලධාරියෙකුට අවශ්‍ය බලය ඉක්මවා කටයුතු කළ නොහැකි බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

මෙම සිද්ධියේදී පොලිස් නිලධාරියා විසින් අනවශ්‍ය ලෙස පහරදී බලය ඉක්මවා කටයුතු කිරීමක් නිරීක්ෂණය වන බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අදාළ සැකකරු එම සිද්ධියට පෙර නගරයේ වෙළෙඳසැළකට පැමිණ කාන්තාවකට යකඩයකින් පහරදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සැකකරු බීමත්ව අශෝභන ලෙස හැසිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හට සැකකරු බැණවදිමින් පහරදීමට නිලධාරීන් දෙසට පැමිණීම හේතුවෙන් ඔහුව පාලනය කරගැනීමට එලෙස සිදුකළ බව පහරදුන් පොලිස් නිලධාරියා  ප්‍රකාශ කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අදාළ සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන නඩු පවරා බන්ධනාගාර ගතකර සිටි අයෙකි. 

ඔහුට එරෙහිව බන්ධනාගාරය තුළදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමට අදාළව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img