පොලීසිය තුළදී ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ පොලිස් නිලධාරීන් සිව්දෙනා ඊළඟ නිලයට උසස් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබේ.
ඉකුත් 24වනදා තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී එහි සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා මියගොස් තිබුණි.
එලෙස මියගොස් තිබුණේ, පොලිස් සැරයන් කේ. එල්. එම්. අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල් ඒ. නාවීනාත්, පොලිස් කොස්තාපල් ටී.බී.කේ.පී. ගුණසේකර සහ පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුෂ්පකුමාර යන නිලධාරීන්ය.
ඒ අනුව ඔවුන්ට පහත පරිදි උසස්වීම් ලබාදී තිබේ.






















