Tuesday, November 10, 2026
HomeNEWSසතොස දුන් තෝරාගැනීම

සතොස දුන් තෝරාගැනීම

උත්සව සමයේ පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා හෙට (27) සිට වැඩිකර ඇතැයි වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් දෙකක් අමතරව ලබාදීමටද තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“රුපියල් 1,998 සහන මල්ල තුළ සම්බා කිලෝ 10ක් ලබාදුන්නා. ඒ සහන මල්ල සකස් කරන විට දේශීය දුඹුරු සීනි තමා අපි කිලෝ 2ක් ලබා දෙන්නේ. සමහර වෙළෙඳසැල්වලට ඒ දේශීය දුඹුරු සීනි ප්‍රමාණවත් ලෙස තොග නොලැබුණාම සහන මල්ල ලබාගන්න කෙනාට සීනි වෙනුවට මොකද කරන්නේ කියන ප්‍රශ්නය පැන නැගුනා.  ඒ නිසා හෙට සිට දෙසැම්බර් 31වනදා තෙක් සහන මල්ලට සීනි මිලදී නොගන්නා පුද්ගලයින්ට 1,998 මිලටම තවත් සම්බා කිලෝ 2ක් වැඩිපුර ගන්න පුලුවන්. 

ඊට අතිරේකව හෙට දිනයේ සිට දෙසැම්බර් 31 දක්වා සතොස වෙළෙඳසැල් තුළ සමාන්‍ය පාරිභෝගිකයින්ට මෙතෙක් ලබාදුන්  සහල් කිලෝ 5 වෙනුවට සහල් කිලෝ 10 බැගින් ලබාදීමටත් කටයුතු කරනවා. ඒ අනුව ලබන්නා වු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 130ක මිලට සතොස මගින් සුපිරි සම්බා කිලෝ 10 බැගින් ලබාගැනීමට පුලුවන්. ඒ දෙසැම්බර් 31 දක්වා පමණයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img