Tuesday, November 10, 2026
HomeNEWSඅම්මා නිසා මං බේරුණා - සුනාමියට ගොදුරු වූ දුම්රිය ධාවනය කරවීමට සිටි...

අම්මා නිසා මං බේරුණා – සුනාමියට ගොදුරු වූ දුම්රිය ධාවනය කරවීමට සිටි රියදුරා

සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 17ක් සපිරෙයි.

සුනාමි රළ පහරට හසුව පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට පත්වූ අංක 50 දුම්රියේ එන්ජිම අදත් වෙනදා මෙන්ම කොළඹින් පෙරවරු 6.50ට පිටත්වී තිබුණි.

එය ගාල්ල පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට පත්වූ ස්ථානයේදී නවත්වනු ලැබීය.

ඒ, මෙම ඛේදවාචකයෙන් රළ අතර සැඟවුණු ආදරණීයයන් සිහිපත් කිරීමටය.

සුනාමි ඛේදවාචකය ඇතිවූ දිනයේ දුම්රිය ධාවනය කරවීමට නියමිතව සිටි රියදුරු කැලුම් ගාල්ලගේ මහතා සිය මතකය අවදි කරමින් සඳහන් කළේ,

“මීට අවුරුදු 18 පෙර මේ අංක 50 දුම්රියට යොදවලා හිටපු රියදුරා මමයි. නමුත් එදා මගේ අම්මාගේ අසනීප තත්ත්වය නිසා මට හදිසියේ නිවාඩු ගන්න සිදුවුණා. එවිට පොරොත්තු සේවයේ සිටි රියදුරු මහත්මයෙක් වන ජානක ප්‍රනාන්දු මහතාට සිදුවුණා මේ දුම්රියේ වැඩකරන්න.  එදා තමයි මේ අවාසනාවන්නත සිද්ධියෙන් ඔහු මියගියේ. බොහෝ පිරිස කිව්වා අම්මා නිසා මාව බේරුනා කියලා.”  

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පතුලේ ඇතිවූ රිච්ටර් පරිමාණයේ ඒකක 9ක් තරම් ප්‍රබල වූ භූ කම්පනයේ අවසන් ප්‍රතිඵලය වූයේ රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමි ව්‍යසනයයි.

උදෑසන 6.58 ට පමණ සුමත්‍රා දූපත ආසන්නයේ හටගත් සුනාමි රළ අතරින් ප්‍රබලතම උදම් රළ පහර ඉන් පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800 ක තරම් වේගයකිනි.

ඒ උදෑසන 9.26ට පමණය.

චණ්ඩ රළ පහර මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගනිමින් රුපියල් කෝටි ගණනක දේපළ විනාශ කළේය.

ඒ අනුව මෙම ඛේදවාචකයට ගොදුරු වූ ආදරණීයන් සිහිකරමින් අද පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02ක කාලයක් නිශ්ශබ්දතාව සුරැකීම දිවයින පුරා සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img