Tuesday, November 10, 2026
HomeNEWSපාසල් ඇරඹේ

පාසල් ඇරඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල  අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ වෙයි.

දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී 27ට වැඩි සිසුන් පිරිසක් සිටින පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

පාසල් අද දිනයේ සිට ආරම්භ කළද 2021 අධ්‍යයන වර්ෂය ලබන අප්‍රේල් මස 08 වන දින දක්වා ක්‍රියාත්මක වන බැවින් ශ්‍රේණි උසස් කිරීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කළේය.

මේ අතර අද  සිට රාජ්‍ය සේවයේ කාර්යාල කටයුතු ද සාමාන්‍ය පරිදි ආරම්භ වෙයි.

නව වසරේ ආරම්භයත් සමග අද දිනයේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා  පළාත් පාලන අමාත්‍යාංශය පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට මීට පෙර අවස්ථාව ලබාදී තිබුණි.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස සියලු කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය  සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img