Tuesday, November 10, 2026
HomeNEWSඛේදවාචකයක් ගැන හද කම්පා කරවන හෙළිදරව්වක්

ඛේදවාචකයක් ගැන හද කම්පා කරවන හෙළිදරව්වක්

2021 වසර තුළ පමණක් ළමා හිංසන පිළිබඳ පැමිණිලි 3,373ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

අද (04) ට යෙදී ඇති “ළමා හිංසනයට එරෙහි ජාතික දිනය” වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අවුරුදු 5ට අඩු දරුවන් හිංසනයට ලක්වීමේ සිද්ධීන් 598ක් පසුගිය වසර තුළ වාර්තා වී ඇති බවය.

දරුවන් පියා අතින් හිංසනයට ලක්වූ සිදුවීම් 1,342ක්, මව අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 718ක් සහ මව පියා යන දෙදෙනාගේම හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 191ක් ලැබී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 98ක් සහ භාරකරුවන්ගේ අතින් හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 64ක් ද පසුගිය වසර තුළ සිය අධිකාරිය වෙත ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

ළමුන් ආරක්ෂා කිරීමේ වගකීම්දරන මව්පියන්, භාරකරුවන් සහ වගකියුතු සෙසු පිරිස් අතින් ළමුන් හිංසනයට ලක්විම ඛේදවාචකයක් බව පෙන්වාදෙන සභාපතිවරයා පවසන්නේ ළමා හිංසන වැළැක්වීම සඳහා සියලු පාර්ශව වඩා සංවේදීව කඩිනමින් කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img