චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) රාත්‍රීයේ මෙරටට පැමිණ තිබේ.
එතුමා සමග දූත පිරිස ලෙස 18 දෙනෙකු පැමිණ ඇත.
ඔවුන් චීනයේ බෙයිජිං නුවර සිට චීනයට අයත් බී.- 8415 දරණ විශේෂ ගුවන් යානයෙන් රාත්‍රී 08.20 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
මෙම පිරිස පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ක්‍රීඩා සහ යෞවන කටයුතු , ඩිජිටල්කරණය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍යය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන් පැමිණ තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට (09) මෙරට සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවේ.
මේ අතර ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට ද වාර්තා වේ.
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර හෙට දහවල් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතය.






















