ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී තමන් අසත්‍ය තොරතුරු ලබාදුන් බව සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් පිළිගෙන තිබේ.
ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර දින 14 සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරුවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුව තිබුණි.
විශේෂයෙන්ම එම සති දෙක තුළදී ස්පාඤ්ඤයේ සහ සර්බියාවේ විවිධ අවස්ථාවලට එක්වූ බවට හැඟවෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට එක්වීම සඳහා ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ජනවාරි 05 වනදා ය.
නමුත් කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ පැමිණීම ඔස්ට්‍රේලියානු බලධාරීන් ට හිසරදයක් වුණි.






















