Thursday, June 11, 2026
HomeNEWSමෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරටදී නිෂ්පාදනය කරන ලද බවට සැක කරන රිවෝල්වරයක් ආකාරයේ ගිනිඅවියක් හා උණ්ඩ සමග සැකකරුවෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව, තල්අරඹ ප්‍රදේශයේ නිවසක් පිටුපස කෙසෙල් පඳුරක් යට වළදමා තිබීයදී ගිනිඅවිය සොයාගෙන තිබුණි.

එම ගිනිඅවියට එකවර මිලිමීටර් 9 උණ්ඩ 05ක් යෙදිය හැකි පරිදි නිෂ්පාදනය කරඇති බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය.

එහිදී අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරුව කොටවිල පොලීසියට භාරදී තිබේ. 

සැකකරු කුමණ අරමුණක් සඳහා මෙම ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටියේද යන්න සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img