මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගැනුණු හෙරොයින් තොගය ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් බවට සැක කරන බව පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායිහි සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂමව සඟවා තිබූ හොරොයින් කිලෝ ග්‍රෑම් 330කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබුණි.
එම ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුමවාරු කර ගොඩබිමට රැගෙන ඒමට පැමිණි තවත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දික්වැල්ල සහ නාකුළුගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 3,300කට අධික බව නාවික හමුදාව පවසයි.
හෙරොයින් තොගය සමග අත්අඩංගුවටගත් සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව සිදුකරයි.






















