Monday, November 9, 2026
HomeNEWSමරණයට මොහොතකට පෙර මොළයේ ක්‍රියාකාරීත්වය කෙසේද ?

මරණයට මොහොතකට පෙර මොළයේ ක්‍රියාකාරීත්වය කෙසේද ?

මොනවා කළත් මැරෙන මොහොතේ ජීවිත කාලය තුළදී තමන් කළ කී දෑ මතක්වෙන බව අප සමාජයේ නිතරම කියවෙන වදන් පෙළකි.

කැනඩාවේ, වැන්කුවර් හි විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් එය සත්‍යය බව සනාථ වී තිබේ.

නමුත් ඔවුන් පවසන්නේ එය අහම්බයක් බවය.  

එම සිදුවීම සිදුවී ඇත්තේ මෙසේය.

විද්‍යාඥයින් පිරිසක් අපස්මාරය වැළඳුනු 87 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ සංඥා නිකුත්වන ආකාරට ගණනය කිරීමට ස්නායු ක්‍රියාකාරිත්වය පටිගත කිරීමට කටයුතු කළේය.

නමුත් ඒ අතරතුරදී දරුණු හෘදයාබාධයකට ලක්වූ ඔහු ඉන් මියගොස් තිබුණි. 

එබැවින් එම පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු සහ දත්ත ඉන් විද්‍යාඥයින්ට ලැබුණි.

අක්‍රියවෙමින් පැවති මොළයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි චිත්‍රයක් ඉන් මැවිණි.
  
ඉන් හෙළිවී ඇත්තේ කෙනෙක් මියයෑමට තත්ත්පර 30කට පෙර සහ ඉන් තත්ත්පර 30කට පසුව එහි සංඥා නිකුත්වී ඇත්තේ කෙනෙක් සිහිනයක් දකින අවස්ථාවේදී සහ යමක් මතකයට නගන අවස්ථාව හා සමානව බවය.

මොළයේ මෙවැනි ක්‍රියාකාරීත්වයකින් පෙනී යන්නේ යමෙක් තමා මියයෑමට සුළු මොහොතකට පෙර “ජීවිතාවර්ජනයක” යෙදෙන බවය.
 
මෙම නව විද්‍යාත්මක සොයාගැනීම සම්බන්ධයෙන් “Frontiers in Aging Neuroscience” සඟරාවේ පසුගිය අඟහරුවාදා (22)  පළ කර තිබුණි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව කළ විවිධ සූත්‍ර දේශනා ඔස්සේ මේ පිළිබඳව සුවිශේෂී පැහැදිළි කිරීම් සිදුකර තිබේ.

මෙලොව උපදින සියල්ලෝම මරණයට පත්වන අතර බුදුරජාණන් වහන්සේ තරම් මරණය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් දේශනා කළ වෙනත් ආගමික ශාස්තෘවරයෙක් මෙලොව පහළවී නොමැත.

‘‘පුත්තා ම‘ත්ථි ධනම්ම‘ත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි
කුතෝ පුත්තා කුතෝ ධනං”

“මට දරුවන් සිටිනවා, මට මුදල් හදල් තිබෙනවා කියමින් අඥාන පුද්ගලයා ඒ පිළිබඳව සිතමින් කාලය ගතකරයි. එසේ වුවද තමන්ට තමන්වත් නොමැති ලෝකයේ දරුවන් සහ මුදල් හදල් කොහෙන්ද?” යන්න බුද්ධ දේශනාවයි.

මෙහිදී සිතිවිලි 17ක් පහළ වන අතර මරණාසන්න මොහොතේ බලවත් වන අවසාන සිතුවිල්ල චුති චිත්තය වන බවද බුදුන් වහන්සේ දේශනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img