පැරසිටමෝල් පෙත්තක් සඳහා උපරිම සිල්ලර මිලක් දක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මිලිග්‍රෑම් 500යේ පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.
පසුගිය පෙබරවාරි මස 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙය පැරසිටමෝල් ඖෂධීය නාමයේ සියලු වෙළෙඳ නාමයන් සම්බන්ධයෙන් අදාළ වන අතර විකිණීමේ කාර්යය සඳහා පැරසිටමෝල් ළඟ තබාගෙන සිටින නිෂ්පාදකයෙකු, වෙළෙන්ඳෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍යවරයෙකු, ඔසුසැලක් හෝ තැනැත්තෙකු විසින් මිලිග්‍රෑම් 500 පෙත්තක් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් ය.
මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එය පැරසිටමෝල් යටතේ ඇති ඖෂධීය සියලු වෙළෙඳ නාමයන් සඳහා අදාළ වේ.






















