Monday, November 9, 2026
HomeNEWSදෙමව්පියන්ගේ රණ්ඩු ඉවසන්න බැරුව දැරියක් පොලීසියට ගිහින්

දෙමව්පියන්ගේ රණ්ඩු ඉවසන්න බැරුව දැරියක් පොලීසියට ගිහින්

දෙමාපියන් දිනපතා නිවසේ රණ්ඩු වෙන බැවින් තමන්ට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් පාසල් දැරියක් යාපනය, අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (08) පාසල් ඇඳුමින් සැරසී එම දැරිය පොලීසිය වෙත පැමිණ ඇතැයි අප වාර්තාකරු පැවසීය.

යාපනය,අච්චුවේලි, ආවරන්ගායි ප්‍රදේශයේ පදිංචි එම දැරිය 14 හැවිරිදි වියේ පසුවෙයි.

පොලීසිය පැවසුවේ, පියා දිනපතා මත්පැන් පානය කොට පැමිණ මව සමග නිතර නිතර රණ්ඩු කරගන්නා බවත්, ඔවුන්ගේ රණ්ඩු තමන්ට ඉවසිය නොහැකි බවත් අදාළ දැරිය පොලීසියට පැවසු බවය.

නිවසේ ඇති වෙන රණ්ඩු නිසාවෙන් තමන්ට හා තමන්ගේ සහෝදරයන් දෙදෙනාට මෙන්ම කුඩා නැඟණියටත් නිවසේ ජීවත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඇය පැමිණි කර ඇත.

දැරියගේ ප්‍රකාශ මත 45 හැවිරිදි ඇයගේ පියා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලීසිය පැවසුවේ, දැරියගේ මවට ද දැඩි ලෙස අවවාද කර, කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිවාස නිලධාරීන් විසින් දැරිය මව ට භාරදුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img