පොලිස් නිලධාරීන් ලෙස හඟවමින් නිවසකට ඇතුළුවූ පිරිසක් එම නිවසේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (09) උදෑසන පූගොඩ පැපිලිවල ප්රදේශයේ නිවසක මෙම කොල්ලය සිදුවී ඇති බවය.
එහිදී සැකකරුවන් විසින් අදාළ නිවසට ඇතුළුවී පදිංචිකරුවන් රවටා රුපියල් 342,550ක් වටිනා රන් භාණ්ඩ සහ මුදලින් රුපියල් 15,000ක් කොල්ලකා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පූගොඩ පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන් අවුරුදු 25, 39, 41 සහ 50 යන වයස්වල පසුවන කිරිඳිවැල, වරකාපොළ හා කෑගල්ල ප්රදේශවල පදිංචිකරුවන් බවය.
ඉන් එක් සැකකරුවෙක්ට නුගේගොඩ මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අයෙක් බවද හඳුනාගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී ග්රෑම් 32ක් පමණ බර සහ විවිධ බරවලින් යුත් උණුකරන ලද රන් ගුලි 8ක්, ජීප් රථයක්, අත්විලංගු දෙකක්, ගමන් කථනයක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවද පොලීසිය පැවසීය.






















