Monday, November 9, 2026
HomeNEWSඇමති මණ්ඩලය අඩු කිරීම අත්‍යවශ්‍යයි - මෛත්‍

ඇමති මණ්ඩලය අඩු කිරීම අත්‍යවශ්‍යයි – මෛත්‍

ආණ්ඩුවේ පක්ෂ 11 සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් එක්ව කටයුතු කරන බව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

‘නිදහසේ ජනතා පැතුම’ යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව විහාරමහාදේවී උද්‍යානයේදී අද (10) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,  

“රාජ්‍ය වියදම් අපි අඩුකරන්න ඕනේ. පසුගිය දිනවල ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් ඉවත් කළා. ඉවත් කළ වහාම ඒ වෙනුවට ඇමතිවරු පත් කළා.” 

“දැන් නොයෙකුත් කථා එනවා ජාතික ආණ්ඩු පිළිබඳව. හැබැයි ජාතික ආණ්ඩු තියා මොන ආණ්ඩු ආවත් රාජ්‍ය වියදම් අඩු කිරීමේ මූලික කාරණයේදී ප්‍රධාන වශයෙන්ම ඇමති මණ්ඩලය අඩු කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අද එක අමාත්‍යාංශයට රාජ්‍ය ඇමතිවරු 3යි. සමහර ඒවයේ 4යි. කඹ අදිනවා.. වැඩ කෙරෙන්නේ නෑ.”

“පක්ෂ 11 එකමුතුව අපි ශක්තිමත් කරනවා. ඒ පක්ෂ 11න් නවතින්න නෙමෙයි. ඊට එහා පක්ෂ 15ක් හෝ 20ක් වෙන්න පුළුවන්.. සියලුදෙනා ඒකරාශී කරමින් පුළුල් ජනතාවාදී බලවේගයක් මේ රටේ හදනවා. කව්ද නායකයා..කව්ද ජනාධිපති.. කව්ද අගමැති.. කියන ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ නෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපි ගියා ජනාධිපති හමුවෙන්න. වෙච්ච දේවල් කිව්වා. එහෙම කියලා කිව්වා.. මම ඉතාමත් කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂට. මට මේ ඉදිරි වැඩ ටිකට සහයෝගය දෙන්න කියලා. මෙතෙක් තිබුණු සාකච්ඡාවලින් රට වෙනුවෙන් වැදගත්ම අදහස් ඉදිරිපත් කළ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන සහතිකයත් එතනදි අපිට ලැබුණා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img