ප්රජාතන්ත්රවාදී ව බලයට පත්වන නායකයින් ඒකාධිපතීන් ලෙස කටයුතු කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ප්රජාතන්ත්රවාදය නොමැති නිසා බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.
සර්ව ජන ඡන්ද බලයට වසර 90ක් පිරීම නිමිත්තෙන් මාර්තු 12 ව්‍යාපාරය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹදී පැවැත්වුණි.
ඊට දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් සහ පිරිසක් එක්විය.
එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
” සර්ව ජන ඡන්ද බලය අවශ්‍යද ? නිතර කියන්නේ 225ම එපා. මුලින්ම ඒක ආවේ 2020 මුල.
මේජර් ජෙනරාල්ලා 9යි.. බ්‍රිගේඩියර්ලා 25යි ඇති කිව්වා. දැන් ඒක කවුරුත් කියන්නේ නැහැ.
“ඒක හාල් වැඩෙන් ඇනුණා. ඒ කතාව කවුරුත් කියන්නේ නැහැ. හැබැයි 225ම එපා කියනවා. මේකට බණින්න ඕනේ කාටද ?. මේ රටේ අවුලක් වෙලා තියෙනවා. අපි කවුරුත් කතා නොකරන ප්රශ්නය දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය නෑ.. පවුලේ ප්රජාතන්ත්රවාදය නෑ.. පාලනය කරන්නේ අම්මා නැත්නම් තාත්තා. පාසලේදී ප්‍රධානියා. කාර්යාලයේදීත් ප්‍රධානියා.”
“සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට එන්නේ නෑ. දේශපාලන පක්ෂවල නායකයින්ට තියෙන බලය ඔවුන්ගේ පවුලේ අයට තියෙන බලය කැබිනට් මණ්ඩලයේ තියෙන බලය හැමතැනම යම් කණ්ඩායමකින් පාලනය කරනවා. ඒ ගැන ජනතාව කතා නොකරන තාක් මේ ප්‍රශ්නයෙන් ගොඩඒමක් නැහැ. ඊට විරුද්ධව කතා කරන අයත් තනි තනිව කතා කරන අයත් ඊට වඩා ඒකාධිපතියෝ ප්රජාතන්ත්රවාදය පටන්ගන්න ඕනේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයෙන්.”
“අපිට අවශ්‍ය පාලකයින් ද? මහජන නියෝජිතයින් ද?. මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන් කාටද?. ඇත්තටම මේ ප්‍රශ්නයට උත්තරයක් නෑ. මහජන නියෝජිතයෝ තමයි ඒ අය..හැබැයි ගිහින් අපිව පාලනය කරනවා. එහෙම නම් මහජන නියෝජිතයින් වශයෙන් ක්‍රියා කරමින් පාලනය කිරීම තමයි අවශ්‍ය වන්නේ.”






















