ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ.
ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා විය.
ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 260කින් ඉහළ දෑමීමට යෝජනා වී ඇති බව සඳහන් වේ.
එම මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දී ඇති බවට ද වාර්තා විය.
කෙසේවෙතත් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (19) පස්වරුව වන විට ප්‍රකාශය කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.
මේ අතර මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට මේ වන විටත් හැකියාවක් නොමැති බව ආනයනකරුවන් පවසයි.
ණයවර ලිපි විවෘත කිරිමේ දුෂ්කරතා හේතුවෙන් ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරිමට හැකියාවත් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.






















