Monday, November 9, 2026
HomeNEWSවිභාග කල් නොදමන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

විභාග කල් නොදමන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසිවල ගැටලුවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සැලසුම් කළ පරිදි සියලු විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවය.

අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

“කඩදාසි අර්බුදයක් තිබෙන බවට ප්‍රචාරය වුවද එය විසඳා ගැනීමට ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා මීළඟ විභාගය අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ සුදානම් කරලා තියෙනවා. අඩුපාඩුවක් සිදුවෙනවා නම් ඊට අදාළ කඩදාසි අතිරේක වශයෙන් ගෙන්වා ගැනීමට පියවර පසුගිය සති දෙක තුන තුළ ගත්තා.”

මේ වසර තුළ විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර සිසුන් දස දහසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපේ ඉලක්කය මේ වසර හමාර වන්නට කලින් උසස් පෙළ විභාගය පෙර පැවති මාසවලම පවත්වා යථා තත්ත්වයට ගේන්න. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය වැඩි කිරීමට දැනටමත් පියවර ගෙන තියෙනවා. පසුගිය ප්‍රතිඵල අනුව ඇතුළත් වීම දැනටමත් ලබාදී තිබෙනවා. බොහෝ තැන්වල පන්ති පවත්වන්න මුලික දේශන ආරම්භ කරලා තියෙනවා. සිසුන් 10, 000ක් ගැනීමට නියමිතයි. අතිරේක වශයෙන් පීඨයන් කිහිපයක් ආරම්භ වෙනවා. වෛද්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසර වගේම වැඩිකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා වෛද්‍ය පීඨයක් මේ වසර තුළ ආරම්භ කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img