Monday, November 9, 2026
HomeNEWSසා.පෙළ සිසුන්ගේ ගමන් පහසුවට ලංගමයෙන් අතිරේක බස්

සා.පෙළ සිසුන්ගේ ගමන් පහසුවට ලංගමයෙන් අතිරේක බස්

හෙට (23) දිනයේ ආරම්භවීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැමිණෙන දූදරුවන්ට සහ කර්යමණ්ඩයල පහසුව සඳහා බස්රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සාමාන්‍ය සිසු සැරිය බස් රථවලට අමතරව අතිරේක බස්රථද යොදවා ඇති බවය.

ඇතැම් බස් රථවල ගමන් දුර ප්‍රමාණයත් දීර්ඝ කර අති බවත් හෙට සිට විභාගය අවසන් වන තෙක් එම බස් සේවා ක්‍රියාත්මක වන බවත් ගමනාගමන මණ්ඩලයේ සභාපති සඳහන් කළේය.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනය කරන වාහන සඳහා සහ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධ නිකුත් කිරීමට පහසුකම් සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා,

“හෙට දිනයේදී සහ ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී මම හිතනවා ජනතාව දරුවන්නට පූර්ණ සහයෝගය දෙයි කියලා. මම හිතනවා පෞද්ගලිකවම ඒ අයත් දරුවන් ප්‍රවානය කරන්නට ඉදිරිපත් වෙයි කියලා. මොකද විභාගයකට යන දරුවන් කියන්නේ අපේ සම්පතක්. ඒ අය බලාගැනීම වැඩිහිටි සියලුදෙනාගේම වගකීමක්. ඒ නිසා ඔවුන් අවහිරතාවයක් ඇතිවෙයි කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img