Monday, November 9, 2026
HomeNEWS21 ගැන පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක්

21 ගැන පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේ පක්ෂ නායකවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියලු පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවය. 

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ලබන සඳුදා දිනයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මේ පිළිබඳ සියලු පක්ෂවල නායකයින් සමග අවසන් එකගතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවය.

මේ අතර ඊයේ දිනයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

එම පක්ෂය යළි රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතය.

මේ අතර මෙරට අමෙරිකානු තනාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අතර පැවැති හමුවේ දී ද 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඊයේ පස්වරුවේ පැවැති මෙම හමුවේදී ශ්‍රි ලාංකික ජනතාවගේ දේශපාලන අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට සහාය දීමේ වැදගත්කම අමෙරිකානු තනාපතිනිය විසින් අවධාරණය කර ඇති බවය.

මේ අතර  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේ ආර්ථික අර්බුධයට විසදුම් සෙවීම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරා ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිකර දේශපාලන ස්ථාවරත්වයක් ස්ථාපිත කිරිමේ වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතු බවය.

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ඒ තුළ සිදුකළ යුතු ප්‍රමුඛ කාර්යභාර්යයන් මනාව හඳුනාගත යුතු බවය.

කෙසේවුවද රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන ව්‍යවස්ථා සංශෝධනය ජනතාව රැවටීමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img