Monday, November 9, 2026
HomeNEWSඉන්ධන ලබාගන්න ලියාපදිංචි වෙන්නැයි දැනුම්දීමක්

ඉන්ධන ලබාගන්න ලියාපදිංචි වෙන්නැයි දැනුම්දීමක්

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද (16) සිදුවිය.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ,

“අද දවසේ ලියාපදිංචි කටයුතු පමණයි ආරම්භ කෙරෙන්නේ. අපි පසුව නිවේදනය කරනවා කවදා ඉදල ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. සිපෙට්කෝ එකත් ලංකා IOC එකත් යන දෙකම තුළ මේක ක්‍රියාත්මකයි.”

“වාහනහිමියෙකුට සතියකට ලැබෙන ඉන්ධන සීමාව මේකෙදි දැනුම්දෙනවා.”

“භාවිත කරන ඉන්ධන ප්‍රමාණය යම් යම් සීමාවන්ට යටත් කරන්න සිද්ධ වෙනවා.”

“බස් සහ දුම්රිය සඳහා සීමාවකින් තොරව ඉන්ධන ලබාදෙනවා.”

“පෞද්ගලික සියලුම රථවාහන (යතුරුපැදි, ත්‍රීරෝද රථ, මෝටර් රථ, ලොරි.) සඳහා කෝටා ක්‍රමයට තමයි ඉන්ධන ලැබෙන්නේ.”

“මේ තමයි ජාතික ඉන්ධන අවසර පත්‍රය fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසිලා ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර අංකය ඇතුළත් කරලා මේකෙ ලියාපදිංචි වෙන්න පුළුවන්.”

“අද සියලුම දෙනා මේකේ ලියාපදිංචි වෙන්න එපා. ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් ලියාපදිංචි වෙන්න.” 

“ලියාපදිංචි වී තමන්ගේ QR කෝඩ් එක ලබාගන්න. මේක තමයි අවසර පත්‍රය බවට පත්වෙන්නේ ඉන්ධන ලබාගන්න.”

“තමන්ට පරිගණකයක් නැත්නම් හෝ ස්මාර්ට් දුරකථනයක් නැත්නම් වෙනත් කෙනෙකුගේ පරිගණකයකින් හෝ දුරකථනයකින් ලියාපදිංචි වෙන්න පුළුවන්.”

“වාහනයේ ලියාපදිංචි අංකය සසඳලා තමයි QR කෝඩ් එක ලැබෙන්නේ.”

“වාහන ඛාණ්ඩ 6ක් තිබෙනවා. යතුරුපැදි, කාර් (කැබ්, මෝටර් රථ), ත්‍රීරෝද රථ, ලොරි, බස්.”

“මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබෙනවා නම් පමණයි QR කෝඩ් එක ලැබෙන්නේ.”

“එක හැඳුනුම්පතකට එක වාහනයක් පමණයි ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ.” 

“උදාහරණයක් ලෙස එක වාහනයකට ලැබෙන්නේ ඉන්ධන ලීටර් 10ක් හෝ 5ක් නම් ඒ සතිය ඇතුළත ලබාගත යුතුයි. ඒක ඊළඟ සතියට එකතු වෙන්නේ නැහැ.”

“එක වාහනයකට ඉන්ධන ලබාගැනීමට දින 2ක් ලබාදෙන්න කටයුතු කරනවා.” 

“තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 0,1,2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල.”

“තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 3,4,5 නම් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල.”

“තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 6,7,8,9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලත් එලෙස ඉන්ධන නිකුත් කරන්න කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img