ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය කුවේට් දේශයේදී පසුගිය 04 වැනිදා පෙරවරුවේ මහත් අභිමානවත් ආකාරයෙන් සැමරීමට කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබුණි.
සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නිදහස් දින සැමරුම ආරම්භ කෙරිණ.
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති ඛාන් දීපන් බාලසුබමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව යටතේ මෙම නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වුණේ කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදීය.
ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන්ගේ නිදහස් දින පණිවිඩද උත්සව සභාවේදී කියවීමට කටයුතු කර තිබුණි.
කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක්ද වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ද මෙම නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වුහ.






















