Monday, November 9, 2026
HomeNEWSබාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම...

බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රශ්න කරයි.

ගොඨාභය රජයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රශ්න කරයි

චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කළ බවත් එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විගණන වාර්තාවට අනුව කෘෂිකර්ම රාජ්‍ය හා කැබිනට් අමාත්‍යාංශයේ වගකිව යුතු පුද්ගලයන් වගකීම් පැහැර හැරීම නිසා මෙම මුදල් ලබා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් දැන් හෝ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව පියවර ගන්නේ කවදාද කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව ද මේ වන විට අවසන් හෙයින් එය සභාගත කරන ලෙස යි.

තවද වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙනවා කිව්වත් විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ මෙම කන්නයේම ගනු ලබන පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img