Saturday, November 14, 2026
HomeNEWSමිහින්තලාවෙි හාමුදුරුවන්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලීම් රැසක්.

මිහින්තලාවෙි හාමුදුරුවන්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලීම් රැසක්.

මිහින්තලාවෙි හාමුදුරුවන්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලීම් රැසක්

රටේ ලක්ෂ 220ක් වු ජනතාව නියෝජනය කිරීම සදහා පාරිලිමේන්තුවට යවන අපේක්ෂකයන් ජනතාව ගැන සිතිය යුතු වුවත් පසුගිය කාලයෙ බෙහෙත් විශවීම නිසා පුද්ගලයන් කිහිප දෙනකු මියගිය බවත් අවමංගල්‍ය ශාලා රෝහල් ඉදිරිපිට අනාදිමත් කාලයක තිබුනත් එහි අරමුණ රෝහලට පැමිණෙන සියලු දෙනාම මැරෙනවා කියන එක ⁣නොවන බවත් මිහින්තලා පුදබිමේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසීය.

මේ වන විට රටේ වෛද්‍යවරු රට හැර යන බවත් තවත් බුද්ධිමතුන් රට හැර යන බවත් මේවට වගකියන පුද්ගලයකු දැන් සොයාගත නොහැකි බවත් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සමහර මැතිඇමතිවරු බෙහෙත් පෙත්තෙන් පවා පගා ගන්නා බවත් සමහර පුද්ගලයන්ට තැබෑරුම් පවා තිබෙන බවත් පැවසීය.

පසුගිය කාල⁣යේ මිහින්තලා නගරය අවට කිසිදු තැබැරුමක් නොතිබුනත් පසුගිය දිනක සිට ලමුන් 8000ක් ඉගෙන ගන්නා රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවයකුට අයත් බියර් තැබෑරුමක් ස්ථාපනය කළ බවත් මේ නිසා කිසිදු දිනක තැබැරුමක් මස් කඩයක් නොමැති නගරයක් ලෙස පැවැති මිහින්තලයෙ නගරයෙි ඒ වාර්තාව ⁣වත්මන් රජය විසින් බිද දැමු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමෙින්තුවේ අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේ්ය.

රටේ අනන්තවත් ප්‍රශ්න ඇති මුත් ඒවා කතා කිරිමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් භාෂණයේ නිදහසක් නොමැති බවත් විවිධ නීති රීති ගෙනවිත් ජනතාව සිරකර ඇති බවත් මෙවැනි ගැටලු රැසක් තිබියදී ඇස්බැන්දුම් හරහා ජනතාව රවටමිනි සිටින බවත් උන්වහන්සෙ තවදුරටත් පැවසීය.

රටේ හැමතැනම දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් අතීතයෙි සිටි මැති ඇමතිවරුන්ට සාපේක්ෂව වර්තමානයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වී ඇති බවත් සමහර පුද්ගලයන් විශාම යා යුතු වයසේ සිටියත් බලයට කැදර කමේ සිටින බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් උන්වහන්සෙ තවදුරටත් පැවසීය.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියෙ ලබන වසරෙ මිහින්තලයේ පොසොන් පෙරහැරට, සති පිරිතට සහ ආලෝක පූජාවට සමගි ජන බලවෙිගයේ බෞද්ධ උපදේශන කමිටුව හරහා දායක වීමට සූදානම් බවත් තමා සංස්කෘතික ඇමතිවරයා ලෙස මිහින්තලා පුදබිමේ ලක්ෂ 3200ක වැඩ කටයුකු සිදු කල බවත් එම කටයුතු පසුගිය රජය සමයෙ නැවැත්තු බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා⁣ විසින් අද දින මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අතර මේ අවස්ථාවේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා පුදබිමේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img