Saturday, November 14, 2026
HomeNEWSගල්ඔය මිටියාවතට නව සංවර්ධන සැලැස්මක්…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිගාමඩුල්ලේ දී .

ගල්ඔය මිටියාවතට නව සංවර්ධන සැලැස්මක්…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිගාමඩුල්ලේ දී .


ගල්ඔය මිටියාවතට නව සංවර්ධන සැලැස්මක්…
-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිගාමඩුල්ලේ දී .

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනනේ 2023.08.04 දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

රාජ්‍ය යන්ත්‍රය වගකීමක් හා යුතුකමක්. වගකීම තනතුර අනුව පැවැරුනත්, යුතුකම ඊටත් එහා ගමන් කරන කාර්යභාරයක්. ඒ නිසා සමහර තීරණ ගැනීමේදී යුතුකම් හා වගකීම් අතර තිබෙන සබඳතාවය වඩාත් ගැඹුරින් ක්‍රියාත්මක කිරීමේ අභියෝගයට අපි මුහුණ දෙනවා. මෙලෙස දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට රාජ්‍ය පරිපාලනය හා සම්බන්ධිත ආයතන සමඟ සාකච්ඡා පවත්වලා එකඟතාවයෙන් ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ.
මහජන ජිවිතයට අඩුපාඩුකම් රාශියක් තිබුණ, රාජ්‍ය පාලනය ගෙන යාමේ ගැටලු තිබුණ අවස්ථාවක සියලු දෙනාගේ සහයෝගය දිනා ගනිමින් ඉකුත් මාස 10 තුළ ජාතික වශයෙන් රටේ සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාකාරීත්වයට පරිවර්තනය කරන්න පුළුවන්කම ලැබුණා.

එහිදී අපේ රටේ ගොවි ජනතාව සුවිශේෂී වගකීමක් ඉටුකර තිබෙනවා. ඔවුන් ඒ අභියෝගය භාරගෙන අතිරික්ත සහල් අස්වැන්නක් දක්වා සහල් ගොවිතැන පරිවර්තනය කළා. එයින් ඩොලර් පිටරටට ගලායාම නතර වුණා.

සහල් වර්ගවල, වෙනත් ධාන්‍ය වර්ගවල අතිරික්ත නිෂ්පාදනය සුරක්ෂිත කොට, ගොවි ජනතාවට පාඩුවක් නොවන ලෙස වගා කටයුතු වල යෙදීමේ අවස්ථාව සැලසීමට රජය ලෙස මැදිහත් විය යුතු බව මෙහිදී මතුවුණ වැදගත් කරුණක්. සහල් නිෂ්පාදනයට මෙවැනි දිස්ත්‍රික්ක ලබාදෙන සහයෝගය නිසයි රටේ ජනතාවගේ පොදු බලාපොරොත්තු ඉටු කරන්න ලැබෙන්නේ. නැත්නම් සිද්ධ වෙන්නේ පිටරටින් හාල්, පිටි ගේන්න. ඒ නිසා අම්පාරේ ජනතාව හෝ නැගෙනහිර පළාතේ ජනතාව නිපදවන සහල් අතිරික්තය සඳහා මූල්‍ය ප්‍රතිපාදන මඟින් සහයෝගය ලබාදීමට සුවිශේෂ ලෙස රජය මැදිහත් වෙනවා.
පොහොර ගැටලුව හා අනෙකුත් භෝග වගාවන් පිළිබඳ තත්ත්වයත් අපි ඉක්මන් අවධානයට හා ප්‍රමුඛතාවයට ගත යුතුයි. මුළු මහත් රාජ්‍ය නිලධාරීන් යාන්ත්‍රණයම මේ වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩ උත්සාහයක යෙදෙන්න අවශ්‍යයි.

මහජන සංවිධානවලින් ලැබෙන නව යෝජනා කෙරෙහි සැලකිලිමත් වෙමින් එම යෝජනා අන්තර්ගත කිරීමට හැකි ක්‍රියාදාමයක් ඇතිකළ යුතුයි. ඩී. එස් සේනානායක මහතාගේ කාලයේ ගල්ඔය මිටියාවත බිහිවීමෙන් පසුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් පරම්පරා දෙකක් යන තෙක් සිදුව නැහැ. ඒ නිසා ගල්ඔය මිටියාවත අලුත් සංවර්ධන සැලැස්මකට සැලසුම් කරගත යුතුයි. එසේ නොකළොත් සිදුවන්නේ යම් යම් ව්‍යාපෘතිවලට පමණක් අපේ අනාගතය තීරණය කරන්න පුළුවන් කියන තක්සේරුවේ ඉන්නවා. ඒ සඳහා හරියාකාරව තොරතුරු රැස්කර, අදියරෙන් අදියර නිවැරදි සංවර්ධන සැලැස්මකට මේ දිස්ත්‍රික්කය ගෙනියන්න ඕනේ. එයට ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි.
ආහාර සුරක්ෂිතභාවයේ තවත් ප්‍රශ්නයක් තමයි ගොවියා නිෂ්පාදනය කරන ආහාරවලින් සියයට 38ක් පමණ අපතේ යාම. ගොවීන් බැංකුවලින් ණය අරන්, ණයවෙලා නිෂ්පාදනය කරන ආහාර, අලෙවි කරගන්න වෙළඳපොළට ගමන් කිරීමේ ප්‍රමාදයන් නිසයි බොහෝ තැන්වල ආහාර අපතේ යන්නේ. මෙය සුරැකීම සඳහා ජාලය වෙනස් වෙනස් කර ගත යුතුයි.

අස්වැසුම සුදුසුකම් ලබපු සැමදෙනාට බැංකු ගිණුම් විවෘත කීරීම පිළිබඳ කටයුතු කඩිනම් කරන්න. මහජන බැංකුවට අවුරුදු 60 යි. ලංකා බැංකුවට අවුරුදු 50 යි. බැංකු ගිණුමක් නැති මිනිස්සු මේ රටේ තවත් ජීවත් වෙනවා කියලා වාර්තා වෙනවා. බැංකු ගිණුමක් සියලු දෙනාට ලබාදීම මේ ඉලක්කයෙන්ම අපට ආවරණය කරගන්න පුළුවන්. බැංකු ක්‍රමයට සියලු දෙනා ක්‍රමානුකූලව ඇතුළත් විය යුතුයි. එවිට ආර්ථිකය වඩාත් උපරිම ප්‍රයෝජනයකට පරිවර්තනය කරගන්න පුළුවන්.

අම්පාර හාඩි ආයතනය ශක්තිමත් මිනිසුන් බිහි කළා. මේ ආයතනයේ අඩුපාඩු තියන්න එපා. මේ ආයතනයෙන් රටට මීට වඩා ශක්තිමත් දායකත්වයක් ඇති කළ යුතුයි. අම්පාර හාඬි ආයතනය අලුත් පරම්පරා බිහි කිරීමට පුළුවන් වන කේන්ද්‍රස්ථානය බවට යළි ශක්තිමත් කරන්න රජය කැපවී සිටිනවා.

රජයේ නිලධාරීන්ට විශේෂ වගකීමක් තිබෙනවා. මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයෙන් අපේ රට හිස එසවිය යුතුමයි. කුමන දේශපාලන වාද විවාද මැද වුවත් ක්‍රමානුකූලව රට ඉදිරියට යායුතුයි. එහිදී ප්‍රධානම අභියෝගය වන්නේ ආහාර සුරක්ෂිතතාවයයි. එහි කේන්ද්‍ර කාර්ය ඉටුකරන ගොවි ජනතාව වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන්න කියලා මම රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලනවා.”

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්. වීරසිංහ, විමලවීර දිසානායක, යදාමිණී ගුණවර්ධන එච්.එම්.එම්. හාරිස්, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ෆයිසාල් කාසිම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම ඇතුළු රාජ්‍ය නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img