Monday, November 9, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍යයි - විපක්ෂ නායක...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස .

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අපේ රට දරු පරපුර හා පාසල් පද්ධතිය ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති බවත් ඊසි කෑෂ් වැනි ක්‍රමවේද හරහා මත් රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවන-ුත් ගිලගෙන ඇති බවට නාගරික හා ගම්බද පාසල්වලට යන විට දෙමාපියන් පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පාසල් පද්ධතිය හා පාසල් දරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ඉක්මන් සීඝ්‍රගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවත් ළමයින් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහිව දැඩි නීති පද්ධතියක හා වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවත් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වෙන් වූ බලකායක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (25) ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසඳය රැස් වූ අවස්ථාවේ දීය.

ඒ වගේම අප රටේ ඇති ළමා අයිතිවාසිකම් කොතෙක් දුරට නෛතික ප්‍රතිපාදන ලෙස පරිවර්තනය වී ඇත්ද යන්න දැනගත යුතු බවත් එම ළමා අයිතිවාසිකම්වලට අමතරව මව්වරුන්ගේ අයිතිවාසිකම් යනුවෙන් වෙනමම ඒකකයක් මූලික අයිතිවාසිකම්වලට එක්විය යුතු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මව්වරුන් හා දරුවන් අප සමාජයේ අවධානමට ලක්වූ කොට්ඨාසයක් බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මූලික අයිතිවාසිකම්වලට ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img