Tuesday, September 15, 2026
HomeNEWSසමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි..

සමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි..

  • සමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි..
  • රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ –

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යශෙහාන් සේමසිංහ මහතා සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් පැවැත්වෙයි. එහි දී ශ්‍රී ලංකාවට සහය දක්වන වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා වූ බවයි සේමසිංහ මහතා කියා සිටියේ. ලෝක බැංකුව මෙරට ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට ලබා දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බව අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් මහතා අතර හමුවක් ද පැවැත්විණි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම ඊයේ (9) වන දා මොරොක්කෝවේ දී ආරම්භ විය. මෙම සතිය තුළ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළගා කරගැනීම සඳහා අපගේ සියලුම හවුල්කරුවන් මුණගැසීමට බලාපොරොත්තු බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය.

මොරොක්කෝවේ මරකේච් හිදී ලබන 15 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටිති.

මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.

                                                                        විමසීම් :- අනුරංග නිසල් 076-2044349

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img