පසුගිය 20 වැනි සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ යම් ගැටුමක් සිදුවීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර යම් බහින්බස්වීමක් සිදු ව තිබේ.පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පුස්තකාලය ඉදිරිපිට ඇති විදුලි සෝපානය අසලදී මෙම සිද්ධිය සිදු වී ඇත.ඩයනා චෝදනා කරන්නේ රෝහණ බණ්ඩාර තමාට බැණ වැදුණු බවත් සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පහරදුන් බවයි.නමුත් රෝහණ බණ්ඩාර ප්‍රකාශ කරන්නේ ඩයනා ගමගේ තමාට පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි. සුජිත් සංජය පෙරේරා ප්‍රකාශ කරන්නේ මෙම හබය පාලනය කිරීමට ගිය ඩයනා ගමගේ ඇයගේ හෑන්ඩ් බෑගයෙන් තමාට පහර දුන් බවයි. එම පහරදීම වැළැත්වීමට තමා උත්සාහ ගත් බවද එම මන්ත්‍රීවරයා පැවසීය.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ලැබුණු පැමිණි CCTV කැමරා ඔස්සේ නරඹා පරීක්ෂණයක් සිදු කිරීමට කථානායක මහින්ද රාජපක්ෂ යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.






















