Wednesday, October 28, 2026
HomeNEWSයලි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන්රනිල්ට ආරාධනාවක්.

යලි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන්රනිල්ට ආරාධනාවක්.

VIII වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී අද දහවල් පැවැත්විණි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ඇතුළු එම සංගමයේ විධායක සභාවේ පිරිසක් මෙම හමුවට සහභාගී වූ අතර රජයේ වෛද්‍යවරුන් හට වර්තමානයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.මෙම හමුවට හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, VIII වන විධායක ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක එස්. සමරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.අමතර රාජකාරී දීමනාව ලෙස පැයකට ගෙවනු ලැබූ 1/80 අගය වෛද්‍යවරුන්ට සුවිශේෂණ සේවාව ආවේණික අගයක් බැවින් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ පරිදි මූලික වැටුප සංශෝධනය සමග එම 1/80 අගය නොවෙනස්ව පවත්වා ගැනීම, නිවාඩු දින, ඉරිදා දිනවල සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන මෙතෙක් පැවති 1/20 අගය අනුව පවත්වාගෙන යාම,2025 අයවැය ලේඛනයේ ධනාත්මක කරුණක් වන රාජ්‍ය සේවයේ මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණය එළෙසම ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය වෘත්තිය සහ වෛද්‍ය සේවාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබාදී ඇති යෝජනා සහ වැඩසටහන් ක්‍රියාවලිය සළකා බැලීම වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නේ, 2022, 2023 සහ 2024 කාල වකවානුව තුළ සමස්ත රාජ්‍ය සේවකයන්ට හානියක් නොවන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡාවලදී ගත් තීන්දු තීරණවල වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබා දෙන ලෙසය. ඒ අනුව ආචාර්ය සමරතුංග මහතා දින දෙකක් තුළදී එම සියලු තොරතුරු ලබා දෙන බවත් ප්‍රකාශ කරන ලදී. සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් “ඔබතුමා වැනි පලපුරුදු නායකයෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් හොඳයි” යනුවෙන් පැවසීය.”නෑ.. මම දැන් බලාගෙන ඉන්නවා මේ මොනවද වෙන්නේ කියලා, නමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් මා ලබා දෙන්නම්” යැයි රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලෙස පැවසීය.එම අවස්ථාවේ දී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ” අපි රට වෙනුවෙන් එතුමාගෙන් වැඩගමු” යැයි වෛද්‍ය නිලධාරීන් අමතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img