ලෙබනනයේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලංකා හමුදා බලඇණියටශ්‍රී ලංකා තානාපතිවරයාගේ සුබ පැතුම්.ලෙබනනයේ ශ්‍රී ලංකාවේ තානාපති කපිල ජයවීර මහතා පසුගියදා ලෙබනනයේ නකෝරා හි පැවති 15 වන ශ්‍රී ලංකා හමුදා බලඇණියේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන බලඇණියේ (UNIFIL) පදක්කම් ප්‍රදානෝත්සවයට සහභාගී විය.එම උත්සවයේදී, ලෙබනනයේ සාම සාධක හමුදාවේ සාර්ථක කාර්යභාරය පිළිබඳව තානාපතිවරයා ශ්‍රී ලංකා හමුදා බලඇණියට සුබ පැතුවේය. එමෙන්ම මෑත කාලීන ලෙබනනයේ යුද්ධමය තත්ත්වයන් මධ්‍යයේ සාමය රැකීම සඳහා ධෛර්යයවන්තව සහ නිර්භීතව කටයුතු කළ ශ්‍රී ලංකා හමුදා බලඇණිය අගය කිරීමටද කටයුතු කළේය. තවද, ලොව පුරා සාම සාධක හමුදාවේ ජාත්‍යන්තර කාර්යභාරය තානාපතිවරයා විසින් පැහැදිලි කරන ලද අතර එය හමුදා බලඇණියේ දැඩි අවධානයටද ලක්විය.මෙම අවස්ථාවට UNIFIL හි නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් චොක් බහදූර් ඩකාල් සහ ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම, ආර්.ඩබ්ලිව්.පී., ආර්.එස්.පී., යූ.එස්.පී., එන්.ඩී.සී. පී.එස්.සී. යන මහත්වරු සහභාගී වූහ. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෙබනන් ශාඛාවේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වුහ.වර්තමානයේ ලෙබනනයේ පිහිටි UNIFIL හි 15 වන ශ්‍රී ලංකා බලඇණිය හමුදා නිලධාරීන් 125 දෙනෙකු සහ සෙසු නිලයන්ගෙන් සමන්විත වේ.






























